සෙන්ට්‍රිඇක්සෝන් කාණ්ඩයක් ඉවතට


සෙන්ට්‍රිඇක්සෝන් ප්‍රතිජීවක එන්නතේ එක් කාණ්ඩයක් පාවිච්චියට නොගන්නා ලෙස දිවයිනේ රෝහල්වලට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශක ඩබ්ලිව්.එම්.ඩී වන්නිනායක මහතා කියයි. එම එන්නත දෙවැනි මාත්‍රාව දීමෙන් පසුව ගාලු රෝහලේ දි නව හැවිරිදි දැරියක මිය යාම නිසා එම පියවර ගෙන ඇත. වෛද්‍යවරුනට  ප්‍රශ්නයක් වී ඇත්තේ පළමු මාත්‍රාවෙන් දැරියට කිසිම අතුරු ආබාධයක් නොවී දෙවැනි මාත්‍රාව දී දෙපැයකින් පසුව ඇය මිය යෑම පිළිබඳ ප්‍රශ්නයයි. මරණ පරීක්ෂණයේදී තීන්දුවක් ප්‍රකාශයට පත් නොකළ මරණ පරීක්ෂකවරයා සිරුරේ කොටස් බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ද එන්නත ජාතික තත්ත්වපාලක රසායනාගාරයට ද යවා ඇත.