සෙනරත් කපුකොටුව දිවියෙන් සමුගනී


(අකිල බද්දෙවිතාන)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත විය.

2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත්වූ ඔහු 2004 වසර දක්වා එම ධූරයේ කටයුතු කරනු ලැබීය.

කපුකොටුව මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කර ඇත.

සෙනරත් කපුකොටුව මහතාගේ දේහය අංක 4/4 වැලිකඩවත්ත රාජගිරිය නිවසේ තැන්පත් කර ඇත. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (31) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.