සෙට්ටිකුලම කඳවුර පාළුයි By None // 2012 සැප් 24 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වවුනියාව සෙට්ටිකුලමේ සරණාගත කඳවුර වසර තුනකට පමණ පසුව අද වසා දැමිණි. එහි රැඳී සිටි පවුල් 360ක 1186 දෙනාගෙන් පවුල් 110ක් මුලතිවු හි බණ්ඩුවිල් මුල් ගමටද, ඉතිරි පවුල් මුලතිවුහි තවත් පෙදෙසකට ද රැගෙන යනු ලැබූහ. කඳවුරු බාර මේජර් ජනරාල් බොනිපස් පෙරේරා පැවැසුයේ එම පවුල් 150 ඔවුන්ගේ මුල්ගම්වලට රැගෙන යාමට නොහැකි වූවත් මුලතිවුහි විකල්ප ඉඩම්වල පදිංචි කරවන බවයි. මුල්ගම්වලට හැර අන් තැනකට යෑමට ඔවුහු අකමැත්ත පළ කළහ. කඳවුරෙන් සමුගැනීම දුක හා සතුට මුසු අවස්ථාවක් විය. හමුදාව පැවැසුයේ ඔවුන් යළි පදිංචිකැරවීමේ දී සියලු පහසුකම් සලසන බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත