සුළඟින් පුල්මුඬේට හානි


පුල්මුඬේ ජින්නාපුරම් හා අර්සිමලේ ධීවර ගම්මානවලට අද පස්වරුවේ හැමූ සුළඟකින් ධීවර යාත‍්‍රා 70ක් පමණ මුහුදේ ගසාගෙන ගෙන ගොස් කැඞී බිඳී ධීවර වාඩි විස්සක වහළ කැඞී ඇතැයි ධීවරයෝ කියති. තවත් නිවාසවල වහළ කැඞී, ගස් වැටී විදුලිය ද විසන්ධි වී ඇතැයිද කියති.