සුළඟින් ඌවට බර හානි


බිබිළ, බුත්තල, වැල්ලවාය හා මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය  ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 60 ට පමණ හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කලක සිට පැවති නියඟය නිමා කරමින් ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ සුළඟ හමාගොස් තිබේ. ඉන් වගාබිම් රැසකට ද හානි සිදුව ඇත. මොනරාගල දෙකේ කණුව ආසන්නයේදී බස් රථයකට ගසක් පෙරලී ඇතැයි ද දැනගන්නට ඇතත් තුවාල කරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.