සුරාබද්ද ඉහළට


මහින්ද නිශ්ශංක

දේශීය හා විදේශීය මත්පැන් සඳහා වූ සුරාබද්ද ඊයේ (3) සිට වැඩි කර ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම සුරාබද්ද වැඩි කිරිම නිසා මත්පැන් මිල වැඩි නොවන බව රජය පවසයි.

මේ අනුව දේශීය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 3550 සිට 4050 දක්වාත් විදේශීය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 3550 සිට 4150 දක්වා ද වැඩිකර ඇති අතර ධාන්‍ය මත්පැන් (බීර) ලීටරයක් සඳහා රුපියල් 2700 සිට 3200 දක්වා බදු ඉහළ නංවා තිබේ.