සුපිරි මඟේ නාය යන තව තැන් දෙකක් හඳුනාගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ නායයාමේ අවදානම් ඇති තව ස්ථාන දෙකක් භූවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඒ ඩී කහටපිටිය මහතා කියයි.
එම ස්ථාන ගැන නිරන්තර නිරීක්ෂණයට සේවකයන් යොදවන බව ද කහටපිටිය මහතා පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඉන්ජිනේරු උදාර අබේරත්න මහතා කියනුයේ නායගිය ස්ථානයේ මාර්ගය සෝදා පිරිසිදු කර අවසන් බැවින් මංතීරු දෙකම විවෘත කළ බවයි.

