ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක හා ගායිකාවක හා නිළියක වු සුනිලා අබේසේකර (61) මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.
1980 දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකාවක වු ඇය එහි විමුක්ති ගී ප්‍රසංගයේ ශිල්පිනියක වුවාය.
චිත්‍රපට කිහිපයකම රඟ පෑ ඇය ගී ගායනයෙන්ද දායක වුවාය.
චාල්ස් අබේසේකර මහතාගේ දියණියක වන ඇය දෙදරු මවකි.
ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැප වු ඇය 1999 දී එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයද දිනාගත්තාය.
දේහය මහරගම ගොඩිගමුව පිළියන්දල පාරේ ශිරෝමනී අංක 54 දරණ නිවසේ තැන්පත් කැර ඇත.
අවසන් කටයුතු ගොඩිගමුව සුසාන භූමීයේදී බදාදා(11) සිදු කිරීමට නියමිතය.