(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන අයයි.
ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මෙම සැකකරුවන් දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී පුද්ගලයන් පැහැරගෙන යාම වධහිංසා පැමිණවීම ඝාතනය කිරීම රත්රන් හා යුරෝ මුදල් සොරකම් කිරීම යන අපරාධ පිළිබඳ අනාවරණය කළේ යැයි මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කර තිබුනේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව මහතා විසිනි .

