සුදු නෙළුම් කිඩාරම් මල් වගේ වෙලා


‘වංචා කරපු, මහජන දේපළ සූරා කාපු, කුඹුරු ඉඩම් ගොඩකරපු පුංචි ගෙවල්වල සිට තට්ටු ගෙවල් හදා ගනිපු මිනිසුන් මොනවා හරි දූෂණ කර තිබෙනවා. ඉදිරියේදී ඒවාට පිළිතුරු ලැබේවි.‘ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ජනපති ජන්ම දිනය නිමිත්තෙන් පාලම් දෙකකට මුල් ගල් තබමින් සේ පැවසීය. ‘ජනාධිපතිතුමන් සුදු නෙළුමක් වගේ පූජාසනයේ තැබූ සමහර තනතුරු කිඩාරම් මල් වගේ ගද ගසනවා. මෙය කාගේ නමට දාගත්තත් කමක් නෑ‘ඇමැති කීවේය. සමහර අය ඇණ ගැසුවා වගේ යන්නේම නෑ. යන්නෙම නැත්නම් යවන්න ඕනෑ යැයැදි ඔහු කීවේය.