සුදත් දම්සිංහත් ඡන්ද නීති කඩයි?


බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා බාරදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය සුදත් දම්සිංහ මේ වනවිටත් ඔහු දරන රජයේ තනතුරුවලින් වැටුප් ලබාගෙන ඇතැයි  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත පැමිණිළි කළ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි.

වෛද්‍ය සුදත් දම්සිංහ ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයකු ලෙස සහ තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ අධ්‍යක්ෂ බවද ආචාර්ය ගුණසේකර පැවසීය.