සීනි බද්ද රු.8 කින් නංවයි


(රංජන් කස්තුරි)

ආනයනික සීනි කිලෝවක් සඳහා මෙතෙක් අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රුපියල් 8කින් ඉහළ නංවා ඇති බව මුදල් ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 10න් පමණ අඩු වී ඇති නිසා සීනි බද්ද වැඩි වුවද දේශීය සීනි මිලෙහි වෙනසක් සිදු නොවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.