සීනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 160ක් හමුවෙයි


(ඉන්දිකා රාමනායක)

සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා  මෙරටට ගෙන්වන ලද  සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 160 ක තොගයක්  අද (19) පස්වරුවේ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත බ‍්‍රසීලයේ සිට ගෙන්වන ලද සීනි කන්ටේනරය කොළඹ වරායේ සිට අද පස්වරුවේ  රත්මාලන බොරුපන ප‍්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇති බව උසස් පොලිස් නිලධාරියකු ලංකාදීපයට පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානයේ දී  අද පස්වරු 5ට පමණ එම කන්ටේනරය කඩා ඉවත් කිරීමේ දී ඒ තුළ සුක්ෂම ලෙස සඟවා තිබු  සැකකටයුතු බෑග් 10 ක් එහි සේවකයින්ට හමුවී ඇත.

පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන්  පැමිණ එම පාර්සල් පරික්ෂා කර ගල්කිස්ස පොලිසියට දැනුම් දී මෙන් පසු  පොලිසිය පැමිණ  එම පාර්සල්  සහිත කන්ටේනරය පොලිස් බාරයට ගෙන ඇත.