සීතාවක සබේ තව පොඩ්ඩෙන් අලි ජංජාලයක්


සීතාවක ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මත කැර ගැනීමට සභාපති ජයන්ත රෝහණගේ  (මහජන එක්සත් පෙරමුණ)  තීරක ඡන්දය භාවිතා කිරීමට සිදු විය.

මන්ත්‍රීන් විසි දෙදෙනකු සිටින මෙම සභාවේ 21 දෙනෙක් පැමිණ සිටියහ.ඡන්දය විමසීම ඇරැඹීමත් සමඟ ජවිපෙ මන්ත්‍රී ප්‍රදීප් තලේරත්න මහතා හදිසි කටයුත්තකට එළියට ගියේය. ඔහු  යළි පැමිණෙන විටත් ජන්දය විමසමින් තිබිණි.එහෙත් ඔහුට ඡන්දය දීමට මුලසුනින් අවසර ලැබුණේ නැත.අයවැයට පක්ෂව ඡන්ද 10ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබීමෙන් දෙපැත්තම සමබර විය.

උපසභාපති ආනන්ද රණසිංහ මහතාද අයවැයට විරුද්දව ඡන්දය දුන්නේය.සභාපතිගේ තීරක ඡන්දයෙන් අය වැය සම්මත විය.