ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ ප්‍රාන්ත රජය මඟින් නුවරඑළියේ දිවුරුම්පොළ සීතා කුමරියට දෙවොලක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාගෙන ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත.
රාම සීතා පුරාවෘත්තයෙහි සඳහන්වන පරිදි සීතා ඇයගේ කුමරි බඹසර පිළිබඳව ජනයා තුළ අහිවූ සාංකාව මගහැරවීම සඳහා මුහුණදුන් " අග්නි පරීක්ෂාව " පැවැත්වූ ස්ථානය ලෙසට හඳුන්වා ඇත්තේ දිවුරුම්පොල ග්‍රාමයයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව මධ්‍ය ප්‍රදේශ රජය ශ්‍රී ලංකාව සමඟ 2012 සිට අදහස් හුවමාරු කරගෙන ඇත.මේ වසරේ මුල්භාගයේදී බැංගලෝරයේ සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පායතනයකට නුවරඑළියේ ඉදිකෙරෙන සීතා දෙවොල සඳහා සුදුසු ගොඩනැඟිල්ලක සැලැස්මක් සකස්කිරීමට පවරා ඇත. ඔවුන් ඉදිරිපත්කළ සැලසුම් අතරින් දකුණු ඉන්දීය විජයනාගර සම්ප්‍රදාය අනුව සකස්කළ සැලැස්මක් සුදුසු බවට දැනට තීරණය කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
සීතාදෙවොල පිළිම ගෙවල් තුනක්, අලංකාර කැටයම් සහිත සුවිසල් ශාලාවක් සහ දිය පොකුණකින් සමන්විත වෙයි. මේසඳහා
ඇස්තමේන්තුකර ඇති වියදම ඉන්දියා රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.36 කි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇරැඹූ ව්‍යාපෘතියක් මඟින්ද 2007 සිට රාමායණයෙහි සඳහන් ශ්‍රී ලංකාවේ සිද්ධස්ථාන සමීප ප්‍රමාණයක වගතුග සොයාගෙන ඇත. මෙම වැඩපිළිවෙළෙහි අරමුණවී ඇත්තේ එම සිද්ධස්ථාන දැකබලාගැනීමට සහ
වැඳපුදා ගැනීමට ඉන්දියා සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීම වෙයි.
මේ අතර සීතා දෙවොලක් ගොඩනැගීමට පෙරාතුව රාමායනයේ සඳහන්වන ලංකේශ්වර රාවන රජු සඳහා සිහිවටනයක් ඉදිකිරීම වැදගත්වන
බවට මහජන මතයක් ශ්‍රී ලංකාවේ තුල ගොඩනැඟෙමින් පවතින බවද එම වාර්තාව ගෙනහැර දක්වයි.