(දමින්ද විජේසූරිය)
දඹුල්ලට පැමිණෙන ඕනෑම සංචාරකයකුට සිගිරිය අමතක කළ නොහැකිය. කිසිවකු ඒ ගැන නොදැන සිටියද රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගයක් නැරඹීම සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයට පිවිසෙන ඕනෑම අයකු ඈතින් දිස්වන පර්වතය කුමක්ද යන්න විමසීම සාමාන්‍යය තත්ත්වයකි.
මහනුවර පල්ලෙකැළේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ලැබුණු විවේකයෙන් වට පිටාව නැරඹීමේ විරළ අවස්ථාවක් ලද ඉන්දීය නායක විරාට් කෝලිට සීගිරිය පර්වතය ඉස්මත්තේ කර ඇති දේ පිළිබඳ පුරාවෘත්තය රසවත් කතාන්දරයකි.
ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (20 වැනිදා) පැවැත්නෙ පළමු වැනි එක්දින තරගයට සහභගි වීම සඳහා දඹුල්ලට පැමිණ සිටින විරාට් කෝලි සිගිරිය සහ ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“මා සීගිරිය පර්වතය දිහා බැලුවා. මා අහලා තියෙන විදිහට ඒක මුදුණේ කරලා තියෙන දේවල් හරිම චිත්තාකර්ශනීයයි.
“මා මේ වතාවේ ලංකාවේ සමහර තැන්වල ඇවිද්දත් සීගිරියට යන්න මට අවස්ථාව ලැබුණේ නෑ. මීට ඉස්සර වුණත් අපි ලංකාවට එන හැම අවස්ථාවලම තරගාවලිය හරිම අවිවේකියි විතරක් නෙමේ හරිම කෙටියි”
“ඇත්තටම ටෙස්ට් තරග අතරේ තියෙන දින තුනක විවේකයේදී අපට කොහේවත් යන්න බෑ. ඒත් තුන්වැනි ටෙස්ට් තරගයෙන් පස්සේ අපට දින දෙකක අතිරේක නිවාඩුවක් ලැබුණ නිසා නුවර අවට ටිකක් ඇවිද්දා.
ඇත්තටම මට තව ටිකක් ශ්‍රී ලංකාව දැකබලාගන්න ලැබුණො නම් හොඳයි. මට දඹුල්ල ගැන නම් ඒ තරම් අත්දැකීම් නෑ. ඒත් ඊළඟ වතාවේ මෙහි එන විට ටිකක් හොඳින් සැලසුම් කරලා ඇවිදින්න පුළුවන් විදිහට එන්න පුළුවන් නම් හොඳයි තමා” යයිද ඉන්දීය නායකයා පැවසීය.
(වීඩියෝ සටහන - කාංචන කුමාර ආරියදාස)

