සී අයිට බෝතලයෙන් ඇන අමාරුවේ


මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයකින් ඇන තුවාල සිදු කොට පලා ගිය බව කියන සැකකරුවකු මරදානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තා අත් බෑගයක් සොරාගෙන පලායමින් සිටිය දී ඔහු මරදානේ දී අත්අඩංගුවට පත් වූහ.