රටේ වටිනාම සම්පත වන පාසල් දරුවන් පාසල් විෂය කටයුතුවලට මෙන්ම විෂය බාහිර කටයුතු වශයෙන් සැලකෙන ක්‍රීඩා, තාක්ෂණික නිපුනතාවයන් හා සමාජ පොදු කටයුතු කෙරෙහිද උනන්දුවක් දැක්විය යුතුයි. එමගින් අනාගත අභියෝග ජය ගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙනවා යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවැසීය.
පාසල් සමය ඕනෑම පුද්ගලයකුගේ සුන්දරම කාලයයි. පාසල් සමය අර්ථවත් අයුරින් සැලසුම් කරගැනීමෙන් සෑම දරුවකුටම කීර්තිමත් පුද්ගලයකු වීමේ ඉඩකඩ නිර්මාණය වන බව ද අමාත්‍යවරයා කීය.








