සිසුන්ට කුඩු වික්ක සිසුවා මාට්ටු


(එම් ආර් කේ පින්තු සහ ප්‍රසංග පෙරේරා )

කදාන ප්‍රදේශයේ ජාත්‍යාන්තර පාසලක වයස අවු 15 ක සිසුවකු පෞද්ගලික පන්තියක් අසල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියෙදී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය කියයි.

කදාන දකුණු බටගම ප්‍රදේශයේ අමතර පන්තියක් අසල මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මෙම සිසුවා අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ සම්බන්ධ ව කදාන පොලිසියෙන් අප කල විමසිමක්දි එහි නිළදාරියෙක් පැවසුවේ.

සැකකාර සිසුවාට මත්ද්‍රව්‍ය දුන් පුද්ගලයන් කවුරුන්දැයි සොයා විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.