සිසුන් පැහැර ගැනීමේ නඩුව කල් යයි


නාවික හමුදාවේ දෙහිවල මුරපොළේ දී පැහැරගත් බව කියන රජීව් නාගනාදන් තිලකේෂ්වරන් රාමලිංගම් හා ප්‍රදීප් විශ්වනාදන් යන සිසුන් තිදෙනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ හේබයාස් කෝපුස් පෙත්සම් විභාගය කොළඹ මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින්  ලබන මාර්තු 27 දක්වා කල් තිබිණි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ ඊට අදාල වෙනත් නඩු විභාගයක් අවසන් නොවීම ඊට හේතුවයි.  රහස් පොලිස් නිලධරයන් දෙදෙනකුගේ සාක්කි අද සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.