සිසුන් 20 කට කොණ්ඩේ හරහට හිටී


කොණ්ඩය අමුතු අමුතු  තාලයට කපා අත් දිග සුදු  කමිස ද ඇඳ පාසල් ආ  සිසුන් 20 දෙනෙකු  ගලගෙදර  මධ්‍ය මහ විදුහලෙන්  එළියට  දැමු  බව විදුහල්  ආරංචි  කියයි. එම පාසලේ  අත් දිග කමිස ඇදිමට අවසර ඇත්තේ  ශිෂය නායකයන්ට  පමණි. පාසලෙන්  එළියට  දැමු  සිසුහු  අත් දිග කමිස කොට  කර  දැමිමටත් කොණ්ඩය කපා  ගැනිමටත්  ටේලර්  හා  බාබර්  සාප්පු  කරා  ගියහ.