සිසු පා ගමනට මිනී පෙට්ටි


සරසවි ආචාර්‍යරුන්ගේ වැඩ වර්ජනයට සහාය දෙන විශ්ව විද්‍යාල සිසුහු නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් මිනී පෙට්ටියක් කර තබාගෙන් වරකාපොළට පැමිණියහ.  වරකාපොළ ජනතාව ඔවුන් මහත් හරසරින් පිළිගත්හ. ඔවුහු රතිඤ්ඤා පත්තු කොට සිසුනට සිසිල් පැනින් සංග්‍රහ කළහ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු වලට විසැඳුම් දෙන්නැයි ඉල්ලමින් සිසුහු මහනුවර සිට කොළඹට පා ගමිනින් එති. අද එහි තෙවැනි දිනයයි.