පාසල් සිසුවකුගේ කනට ගැසූ බව කියන කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.
නියෝජ්‍ය විදුහල්පතිගේ පහර කෑමට ලක්වූ බව කියන එම පාසලේ 11 ශ්‍රේණියේ සිසුවා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඔහුගේ කනේ ලේ ගැලීමක් සිදු වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
උදෑසන පාසල ඇරැඹිමේ සීනුව නාද කළ පසු පන්ති කාමරයේදී දී සිසුන් පන්සිල් ගත් බවත්, ඒ අතරතුර පාසල් ශිෂ්‍ය නායකයකු පැමිණ එහි පන්ති නායකයා වන පහරකෑ සිසුවාගෙන් පන්ති පිරිසිදු කිරීම් නියමිත පරිදි සිදුකළා දැයි විමසූ බවත්, සිසුවා වැඳගෙනම එය නිසි පරිදි කළ බව පැවසූ බවත් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්වේ.
ශිෂ්‍ය නායකයා ගිය පසු නියෝජ්‍ය විදුහල්පති පැමිණ කිසිවක් නොවිමසා පන්ති නායකයාගේ වම් කනට ගැසු බවත්, දකුණු කනට පහරක් එල්ල කරද්දී හිස පසෙකට ගැනීම නිසා ඉන් බේරුණු බවත් පැමිණිල්ලේ දැක්වේ.
නියෝජ්‍ය විදුහල්පති මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුහල්පති සමන් ජයකොඩිආරච්චි පැවසුවේ පාසල පැත්තෙන් කීමට කිසිවක් නැති බවයි.
කඩවත පොලිසිය පරීක්ෂණ කරයි.