සිවුවැනි එක්දින තරගයටත් වර්ෂාවෙන් බාධා


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන සිවුවැනි තරගයට (දිවා/රාත‍්‍රි* වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා මේ වන විට තරගය තාවකාලිකව අත්හිටුවා තිබේ. වර්ෂාව ඇද හැළෙන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය  ඕවර 29.2 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියේය.