සිවුරට ගරු කරන්නැයි මහේස්ත්‍රාත් හිමිනමට කියයි


බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරී  වරද පිළිගත් භික්ෂුකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා මාස හයක සිර දඬුවමක් නිමය කැර එය පස්වසරකට අත්හිටැවීය. රුපියල් 2500ක දඩයක් ද මෙසේ නියම වූයේ තලාතුඔය රතනජෝති හිමිනටය. චීවරය පොරවාගත් භික්ෂුවට මවුපියන් වඳින හෙයින් සිවුරේ ගෞරවය  රකින්නැයි මහේස්ත්‍රාත්, හිමිනමට තරයේ අවවාද කෙළේය.