(ඩයනා උදයංගනී)
දේශීය සන්නාමයක් ජාත්‍යන්තරය කරා රැගෙන ගිය මෙරට විශිෂ්ඨ ව්‍යවසායකයකු මෙන්ම සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ නිර්මාතෘවරයා සහ එහි හිටපු සභාපතිවරයා වූ මිනේක පී. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.
1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහ මහතා වසර 48 ක කාලයක් එහි සභාපතිධූරය දැරීය.
අනතුරුව 2015 වසරේදී පමණ එම තනතුරෙන් විශ්‍රාම ලබා එහි උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය.
එකල පාසැල් දරුවන්ට අධි ප්‍රෝටීන බිස්කට් ලබාදීම සඳහා වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදී තිබුණු යෝජනාව සමඟ සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කෙරුණු අතර, මේ වනවිට, මෙරට බිස්කට් වෙළඳපළින් සියයට 50 කට වැඩි කොටසක් එම සමාගම් සමූහය අත්පත් කරගෙන තිබේ.