සිල් රෙදි නඩුවේ තීන්දුව ලබන 07 වැනි දා


( තිළිණි ද සිල්වා)

විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් කෝටි 60 ක් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ඡනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ  විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිට මහතාට  එරෙහිව නීතීපතිවරයා පවරා තිබු අධි චෝදනා නඩුවේ තීන්දුව ලබන මස 07 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) තීන්දු කළේය.

පොදු දේපල පනත යටතේ පවරා තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද කැඳවිණි.

මෙම නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි විභාගය මීට පෙර අවසන් කළ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ  සහ විත්තියේ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කෙරිණ.