සිරුරු හඳුනාගන්න නෑයොත් ඇවිත්


වැලිකඩ බන්ධනාගාරයේදී මිය ගිය සිරකරුවන්ගේ සිරුරු හඳුනා ගැනීමට පොලිස් මෘත ශරීරාගාරය අසලට ඔවුන්ගේ ඥාතීහු පැමිණ සිටිති. ට්‍රොලිවල දැමූ සිරුරු 16ක් මෘත ශරීරාගාරය අසල ඇත. සමහර සිරුරුවල වෙඩි සලකුණු ද සමහර සිරුරු වල බැන්ඩේච් ද ඔතා ඇති බව ද පෙනෙන්නට තිබේ. සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පැමිණ මූලික පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.