සිරියාව වදකාගාරයක් වෙයි


සිරියාවේ සිවිල් යුද්ධයේ බිහිසුණුම පිටුවක් පෙරළමින් ඩැමස්කස් ප්‍රත්‍යන්තයේ නින්දේ සිටි එක්දහස් තුන්සීයක් දෙනා ගෑස් රසායනයක් ගසා මරා දමා ඇතැයි එතෙර වාර්තා කියයි.

මිය ගිය ගැහැණුන්,දරුවන් ඇතුළු දහස් ගණනකගේ සිරුර තාවකාලික මෘත ශරීරාගාරවල ගොඩ ගසා ඇත.

එරට විපක්ෂය කියනුවේ රජය ගෑස් ගසා මිනිසුන් මරා දමන බවයි.

සිරියා ජාතික සන්ධානයේ ප්‍රකාශක කාලිඩ් සලේ ස්තාන්බුල් සිට පවසනුයේ මරාදැමු සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවයි. ශමල්කා ප්‍රදේශයේ ගෙවල්වල මළ සිරුරු ගොඩ ගැසී ඇතැයිද ඔහු කියයි.

රොකට් වෙඩි මඟින් මෙම ගෑස්  ගසන බවද කියති.සිරියා රජයේ හමුදා සමග  යුද වැදී සිටින කැරැලි පාර්ශවයක ප්‍රකාශක ෆහාඩ් අල් මස්රි පැවසුයේ  ඩැමස්කස්හි තම නියෝජිතයින් මළ සිරුරු 1729 ක් ගණන් කළ බවයි.

හයදහසක් දෙනා  හුස්මගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු බව ඔහු කියයි.බදාදා ප්‍රහාරය එල්ල වුයේ සුන්නි මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයකටයි.

ජනාධිපති බෂාර් අසාද් ගේ රජයට එරෙහි සිවිල් යුද්ධය ඇරැඹුණේ මාස හතකට කලිනි.