සිරි පැරකුම් විරෝධතාවටත් දින ලැබේ


සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55 ක් නිකුත් කිරීමට එරෙහිව සීමාසහිත ශ්‍රී ලාංකේය  සිනමා ශිල්පීනගේ  සංසදය ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු  අභියාචනාධිකරණ රීට් පෙත්මේ වග උත්තරකරුවනට අගොස්තු 8 වැනිදා  විරෝධතා ගොනු කරන ලෙස නියෝග කළේය.

 මෙම රීට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා ,මාලනී ගුණරත්න  මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ සළකා බැලිණි.

 සීමාසහිත ලාංකේය සිනමා ශිල්පීන්ගේ සංසදය විසින්  ගොනු කැර තිබු  මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස  ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු 15 දෙනකු නම් කරනු ලැබ සිටිති.