සියවස් ආරුක්කු බෝක්කුව කැඩේ
අකුරැස්ස දෙනියාය මාර්ගයේ රඹුකන ආරුක්කු බෝක්කුව වසර 122කට පසුව කඩා වැටීමෙන් ගමනා ගමනය අවහිර විය. අඩි 15ක් පමණ පළල පාරේ අඩක්ම බෝක්කුව අසලින් කැඩී යෑමත් සමග සැහැල්ලු වාහානවලට පමණක් ඉඩදෙන බව මාර්ග ඉංජිනේරු විමල කරුණාරත්න මහතා කියයි. සියවසක් ගත වූ මේ බෝක්කුව පළමු වරට පිළිසකර කිරීමට සූදානම් වෙද්දී කැඩී ගිය බව ද ඔහු කියයි.

