සිය දියණිය ඝාතනය කිරීමට තැත් කළ මව රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
සිව් හැවිරිදි එකම දියණිය නිවස පිටුපස ළිඳට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ සැකකාර මව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා  නියෝග කළේය.

 
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මොරගහහේන ගුණානන්ද මාවතේ පදිංචි කල්පනී මධුෂානි මද්දුමගේ නැමැති 31 හැවිරිදි තැනැත්තියකි.
 
දැරිය මිත්තනිය සමඟ නිවසේ මුල්තැන් ගෙයි සිටියදී එකවරම මුලුතැන් ගෙට පැමිණ තිබූ සැකකාරිය දැරියව දෑතින් උස්සාගෙන ගොස් ළිඳට දමා තිබූ බව පොලිසිය කියයි.
 
වහා ක්‍රියාත්මක වී ඇති දැරියගේ සීයා ළිඳට බැස දැරිය බේරාගෙන තිබූ බව පොලිසිය කියයි.
 
දැරිය මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.