සිංහරාජයේ පැළ ගලවා ලක්ෂ 12ක් දඩකයි.


සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා ඇතුළු පැළ ගැලැවූ රුසියා ජාතික යුවළට රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද රුපියල් එකොළොස් ලක්ෂ අනූපන්දහසක දඩ නියම විය. ඔවුනට එරෙහිව චෝදනා 34ක් විය. වනසංරක්ෂණ නිලධරයකුට බැන රාජකාරියට තර්ජනය කිරීමේ චෝදනාවට රුපියල් විසිදහසක දඩද නියම විය. කලවාන උසාවිබිමේදී ලංකාදීප වේවැල්කඳුර වාර්තාකරු එස්. පත්මබන්දුගේ කැමරාවට ගසා කඩාදැමීමේ වන්දිය ලෙස රුපියල් විසිදහසක් ගෙවන ලෙසද නියම විය.