සිංහරාජ ඕකිඩ් එකතු කළ රුසියා ජෝඩුවට ඇප


සිංහරාජ වනාන්තරයෙන් ඕකීඩ් ශාක ගලවා ගමන් මල්ලේ සඟවා රැගෙන යාමට උත්සාහ කළ රුසියන් ජාතික යුවළට, එක් අයකුට  රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදාහරින ලෙස  රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මිය අද නියෝග කළාය. මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා ඔවුහුය. ඔවුන්ගේ විදෙස් ගමන් බලපත‍්‍ර දෙක අධිකරණයට බාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 21 වැනි දාට නඩුව කල් තැබිණි.