සිංගප්පූරු සරත්ගේ පුතාට ඇප


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයේ සැකකරුවකු වන සිංගප්පූරු සරත්ගේ පුත් දොන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහට මහාධිකරණ නියෝගය මත මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද ඇප නියම කළාය.

ඝාතනයට යොදා ගත් අවිය සැපයූ බව කියනුයේ මෙම සැකකරු බව පොලිසිය අධිකරණයට කළින් දන්වා තිබිණි.

රුපියල් 35000ක් මුදලින් ද, රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් ද තබන ලෙසත්, විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ නිලධරයන් වන අශෝක හේමන්ත කුමාර පෙරේරා, සුපීර් රංගන කුමාර පෙරේරා ද අ‍ශේන් චතුරංග ද අගෝස්තු 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.