සැරයන්ගේ සහයට උද්ඝෝෂණයක්


රත්නපුර නගරයේ වීදි කතකට පහරදුන්නැයි වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් රත්නපුර ත්‍රී රෝද රියදුරෝ පිරිසක් අද නගරයේ ඔරලෝසු කණුව අසල උද්ඝෝෂණයක් ඇරඹූහ. හිමිවරු හත් අට නමක්ද ඊට වැඩම කර සිටියහ. උද්ඝෝෂකයන්ගේ ස්ථාවරය වූයේ පොලිස් සැරයන්ට යළි සේවය ලබාදිය යුතු බවයි. පොලිස් සැරයන් වීදි කාන්තාවට දිගට හරහට පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීමෙන් පසු පොලිසිය ක්‍රියාත්මක විය. පහරදීම නිසා එම කාන්තාවට තුවාල සිදුවිය. ඇය පොලිසියෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද කළාය.