සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නඟයි
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන්ගේ හැඩරුව ඇතුළු විස්තර අනුව සැකසුණු චිත‍්‍ර මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසිය ක‍්‍රියා කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මෙනවියට අද දැනුම් දුන්නේය.
මීට අමතරව නීතිපතිගෙන් උපදෙස් ගැනීමට පොලිස්පති ක‍්‍රියාකරනු ඇතැයිද තිලකරත්න මහතාගේ කාරයේ තිබූ ඇඟිලි සලකුණු ඔස්සේද ඔහුගේ දුරකතනයේ තොරතුරු ඔස්සේද පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
ප‍්‍රහාරය සිදුවන්නට මොහොතකට පෙර තිලකරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් මහේස්ත‍්‍රාත්ගෙන්ද ඔහු සමග ගමන් කළ ඔහුගේ බිරියගෙන්ද කටඋත්තර ගත් බව පොලිසිය උසාවියට කියා සිටියේය.
ගල්කිස්ස උසාවියේ සියලූම නීතිඥවරු ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. මීට කලින් ඔහුට එල්ලවූ තර්ජන ගැන පොලිසිය සොයා බැලූවේද යන්න ගැන සහ ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. ලබන 12 වැනිදාට නිසි ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

