දැරණියගල නූරිවත්ත වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ වගකීම බාර ගන්නා ලෙස අමිල නම් සැකකරු ක්‍රිෂ්ණවේල් රාජේන්දුන් නම් සැකකරුට පවසා ඇතැයි ද එසේ වගකීම බාර ගන්නේ නම් ඔහුට රුපියල් ලක්ෂ 15ක් දී ඔහුගේ පවුල ද බලා ගන්නා බව කියා ඇතැයි ද රහස් පොලිසිය අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.එච්. අනුෂ්ක සෙනෙවිරත්න මහතාට අද දැන්වීය.
ක්‍රීෂ්ණවේල්ගේ කටඋත්තර ලියාගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු වෙනම රඳවා තබන්නැයි ද බන්ධනාගාරයට නියෝග කෙළේය.
බුලත්කොහුපිටියෙන් අත්අංගුවට ගත් සැකකරු සිද්ධියට සම්බන්ධ නොවන බව රහස් පොලිසිය දැන්විය. ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රතිවරයා නියෝග කළේය.
කැබ් රථය අඩංගු නඩු භාණ්ඩ ගැන වාර්තා ඉදිරිපත් කරන ලෙස ද දැන්වීය.
අනිල් චම්පික විජේසිංහ (අතකොටා) ඇතුළු සැකකරුවෝ දැඩි ආරක්ෂාව මැද්දේ රැගෙනවිත් සිටියහ. ලබන 19 වැනි ද තෙක් සැකකරුවෝ නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.