ඉන්දිකා රාමනායක
කාන්තාවගේ ගේ ගෙලබැඳි රුපියල් 70,000 ක් වටිනා රන් මාලයක් කඩා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළකුගේ ඡයාරූප පොලිස් පරීක්ෂකවරයකු විසින් මුදා හැරිනු ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගන්නා ආකාරය, ඔහු පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කරන ආකාරය ආදී අවස්ථා කිහිපයකදී ගනු ලැබූ ඡායාරූප එම පොලිස් නිලධාරියා සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

