(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ ගාලු මෝදර සහ කොල්ලුපිටිය සාමකාමී අරගලකරුවන්ට පහර දුන් දිනයේ දී කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම හරිත සරසවියේ සිසුවෙක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකේ හොරෙන් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක තරුණයෙක්ද වන බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් ඉකුත් නම වෙනි දින අධිවේගී මාර්ගයට ඇතුළු වී මතුගම පොලිසියේ කැබ් රථයකට අලහාභානි කර අනතුරුව එහි ගමන් ගමන් ගත් පොලිස් නිලධාරියාට පහර දීම, අම්පාර ප්‍රාදේශීය භාවයේ සභාපතිවරයා ගමන්ගත් කැබ් රථයට පහරදී ගිනි තබා විනාශ කිරීම,බස් රථයකට අලාභානි කර ගිනි තැබීම මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වී ආරක්ෂක නිලධාරියාට මරණීය තර්ජනය කර එහි ගාල් කර තිබූ වාහන තුනකට පහරදී අලාභානි සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකරුවන් අයුතු ජන රාශිය ජනරාශිය රාශිය නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම,රජයේ සේවකයකුට අනර්ථයක් සිදු කිරීම,රජයේ සේවකයෙකුට සහ පරා දී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.