
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් සඳහා වන මූලික ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සියයට 5කින් පමණ පහළ ගියේය.
එය පසුගිය මාර්තු මාසයෙන් පසුව වාර්තා වූ අඩුම මිල මෙය වෙයි.
එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 4.10 කින් ඩොලර් 83.75 දක්වාත්, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සියයට 4.72කින් ඩොලර් 80.87 දක්වාත් පහළ ගොස් තිබිණි.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල ඒ අනුව මෙම මාසයේදී සියයට 22.56 කින් පහළ ගොස් ඇත.
එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 25.42 කින් පහළ ගොස් තිබේ.
යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව ඉරානය සමග ගිවිසුමකට එළැඹි බවත් නැව්වලට සිය එන්ජින් පණ ගැන්විය හැකි බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ැච ප්‍රකාශ කළේය. කිසිම ගාස්තුවකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට නෞකාවලට හැකි වනු ඇති බවත් ඇමෙරිකාව ඉරාන වරායන් වෙත පැමිණෙන නෞකාවලට පනවා ඇමෙරිකානු හමුදාව පනවා ඇති බාධකය ඉවත් කරන බවත් ජනපති ට්‍රම්ප් එහිදී පැවැසුවේය.

