සාම ගිවිසුමට අත්සන් තැබීම සිකුරාදා


ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද නිල වශයෙන් නිවේදනය කර ඇත.

සාම එකඟතාවයත් සමග ලෙබනනය ඇතුළු සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදාමය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි සහ ස්ථිර වශයෙන්ම අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

එක්ස් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඓතිහාසික සාම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය එලැඹෙන සිකුරාදා (19) ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.