
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් ඓතිහාසික සාම එකඟතාවය පිළිබඳව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහලේකම් කාර්යාලය ද නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඒ අනුව, ලෙබනනය ඇතුළු සියලුම සටන් පෙරමුණු වල ක්‍රියාත්මක වන සතුරුකම් සහ හමුදාමය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ඇතුලු කරුණු කිහිපයක් එම එකඟතාවයන්ට ඇතුළත් වෙයි.
ලෙබනනයට දිගින් දිගටම පහර දෙන්නේ ඊශ්‍රායලයයි. ඒ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදීන්ය.

