සාපෙළ පෙරහුරු විභාගය ප්‍රශ්ණ පත්‍ර කලින් පිටවෙලා


(ඉන්දික අරුණ කුමාර)

11 වසර ශ්‍රේණියේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ පෙරහුුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර  කල්තියා නිකුත්ව ඇතැයි ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසයි.

අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු පරීක්ෂණයට අදාල සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි  විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍රය මේ වන විට පිටවී ඇතැයි ද ඔහු පවසයි.

ඉංග්‍රීසි,ගණිතය සහ සිංහල

මේ මගින් මධ්‍යම පළාතේ එම ශ්‍රේණින්හි ඉගෙනුම ලබන දරුවන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවනවා.

මෙවන් තීරණාත්මක විභාගයකදි පවා රහස්‍ය භාවය ආරක්ෂා කළ  නොහැකි නම් පළාතේ අධ්‍යාපනයේ තත්වය පිළිබඳ සැකසංකා මතුවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් ද බව ද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකොට අදාල බලධාරීන්  දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බව ද ඔහු පවසයි.