සාපෙළ ඉහළින් සමත්වී හොරකමත් ඉහළින්ම කරයි


බිරියට සැපවත් දිවියක් ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ 32ක රන් භාණ්ඩ සොරා ගත් බව කියන   18 හැවිරිදි තරුණයෙක්  පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත්වූ ඔහු පාසලේ දී ගොඩ නැගුණු ප්‍රේම සබඳතාවක් මත   විවාහ වූ බවත්, සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් සිටි බිරිය සනසන්නට සොරා ගත් බව කියන භාණ්ඩ බැංකු කිහිපයකට උකස් කර ඇති බවත් පොලිසිය කියයි.

උකස් මුදලින් මිලදී ගෙන තිබූ බව කියන ත්‍රිරෝද රියක් හා ගෘහ භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.