කොළොන්නාවේ පාසලක අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයක් සඳහා විභාග ප්‍රශ්න පත්‍ර වංචා නඩුවක සැකකරුවකු ගෙන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට අද පැමිණිලි කළේය.
ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ එම සම්මන්ත්‍රනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සංවිධානය කර ඇතිබවයි. ඊට අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද චන්ද්‍රසේකර මහතා පැවසීය.