සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩාංගනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී මධුෂාන් රවි චන්ද්‍රකුමාර්, ලකුණු 66ක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වු අතර ලකුණු 49ට කඩුලූ 3ක් ලබාගනිමින් දක්ෂ පන්දුයැවීමකද නිරත විය.
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 71.5කදී සියලූ දෙනා දැවී ලකුණු 149යි.
(රොහාන් රත්නායක 37, කුෂාන් ජයලත් 23, මධුෂාන් රවි චන්ද්‍රකුමාර් 49/3, උස්මන් ඉෂාක් 16/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 66කදී සියලූ දෙනා දැවී ලකුණු 215යි.
(මධුෂාන් රවි චන්ද්‍රකුමාර් 66, දේවින් ජයසිංහ 46, ජාවෙඞ් බොන්ග්සෝ 23, හිමාෂ ලියනගේ 60/4, කුෂාන් ජයලත් 49/4)
ධර්මපාල විදුහල දෙවන ඉනිම - ඕවර 58.2කදී කඩුලූ 2ට ලකුණු 116යි.
(හර්ෂ රන්දික නොදැවී 50, ප‍්‍රසාන් රත්නායක නොදැවී 43, දිලූම් ප‍්‍රනාන්දු 23/2)

