(නිරෝෂණ ගොඩැල්ලගේ/ සුසිල් ප්‍රියන්ත)
මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියට අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.
මේ හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද විය. මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 45ක් පමණ වන ග්‍රාම නිලධාරිවරයකු බව කියති.
යතුරුපැදිකරු ගැටුණු සාගරිකා දුම්රියේ එන්ජිමේ සිදුවූ කාර්මික දෝෂයක් නිසා දුම්රිය සෙමින් ධාවනය කළ අතර කළුතර දුම්රිය ස්ථානයේ දී ඊට පිටුපසින් ධාවනය වූ රුහුණු කුමාරී ශීඝ්‍රගාමී දුම්රිය සාගරිකා දුම්රියට පෙර ධාවනය වීම නිසා සාගරිකා දුම්රියේ සිටි පිරිස් රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹ බලා සිය ගමන් පහසුකම් සලසා ගත්හ.

