සාගර ආර්ථික ලේකම් කාර්යාලයක් එයි
උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.
කුඩා ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කරන බවද කීවේය.
ශ්‍රී ලංකාවෙන් 27 ගුණයක් විශාල රට වටේ සාරයේ සම්පත්වලින් උපරිම ආදායම් ලබාගැනීම සඳහා සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවන බවත් ජනපති කීවේය.
ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා රජයේ ණය ආධාර සැපයීමට යයි.

