සාගම සෑයට කළ වැඩේට සඟරුවනෙන් විරෝධය By None // 2012 නොවැ 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර තිරුක්කෝවිල් හි සාගම සෑය බැකෝ යොදා විනාශ කිරිමට එරෙහිව ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් නොගත්තැයි සඳහන් කරමින් බොදු බල සේනා ව්‍යාපාරය අද කොළඹ 07 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විය. නැගෙනහිර පළාතේ පමණක් පුරා විද්‍ය වටිනාකමින් යුත් පුරා වස්තු අති විශාල සංඛ්‍යාවක් තිබෙන නමුත් අඩුම තරමේ ඒවා රැක ගන්නැයි ඉල්ලමින් නාම පුවරුවක් තැබීමටවත් දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවත් වහාම ඒ සඳහා පියවරක් ගන්නා බවට තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මහා සංඝරත්නය පුරාවිද්‍යා භූමියෙන් පිටව නොයන බවත් බොදු බළ සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ කීහ. විරෝධතා දැක්වූ ස්වාමීන් වහන්සේලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතළු වීමට උත්සහා දැරුවත් එහි ආරක්ෂක අංශ ගේට්ටු වසා දැමීය පොලිසිය මැදිහත් වී කිරම විමලජෝති නාහිමියන් ඇතුළු සංඝරත්නය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය වෙත වැඩම කැරවාගෙන ගියේය. පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සමග සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා සමග සාකච්ඡාවක් අත්යවශ ව හිමිවරු පැවැසූහ. පසුව අමාත්‍යවරයා ද සාකච්ඡාව සඳහා එක් වූ අතර ඔහු පැවැසුවේ ලබන 2013 ජනවාරි මාසයේ නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථානවල සියළුම නාම පුවරු ඉදිකිරීමට තමන් වහාම කටයුතු කරන බවය. තම අමාත්‍යංශයට ජාතික ප්‍රතිපාදන වලින් ඉතා සුළු මුදලක් ලැබනෙ බවද ඔහු කීවේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත